කළුතර ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරිනිය රිමාන්ඩ්

283

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක ලබන මැයි 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය.

කළුතර, කටුකුරුන්ද ගාලු පාරේ පදිංචි වඩුගේ ඉනෝකා කුමාරී යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී මියගොස් සිටි සොයාගන්නා ලද කළුතර, නාගොඩ, “සැනසුම” අංක 115 නිවසේ පදිංචිව සිටි ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා දැරිය එදින ලැගුම්හලට ඇතුළුවන මොහොතේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස සැකකාරිය කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකාර කාන්තාව එදින අදාළ හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කරමින් මියගොස් ඇති දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන දැරියට ලිංගික කටයුතු සඳහා පරිශ්‍රය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා නඟාතිබුණි. උප පොලිස් පරීක්ෂක කේ. එන්. ඒ. ජී. ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) යන මහත්වරු අධිකරණයට කරුණු වාර්තා කළහ. නඩුව ලබන මැයි 15 දා යළි කැඳවීමට නියමිතය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment