තීරණාත්මක නඩුවක් අද

279

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම අද (20 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

එම පෙත්සම පසුගිය 10 වැනිදා කැඳවූ අවස්ථාවේදී සලකා බැලීම් සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබිණි.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 23 වැනිදා ආරම්භවීමට නියමිත බැවින් ඊට පෙර සිය පෙත්සම කැඳවා සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෝසමක් මගින් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමක් අනුව එම පෙත්සම අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

රටේ පවතින දැඩි ආර්ථික අහේනිය හමුවේ මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඡන්දය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු සිදුකිරීම වළක්වන රිට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන්නැයි පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment