අයිඑම්එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති

104

ශ්‍රී ලංකාවට ඊයේ (11දා) පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිස ඊයේ පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් මේ වසර (2023) අවසානයේ පැවැත්වීමට නියමිත පළමු සමාලෝචනයට පෙර පැවැත්වෙන උපදේශන සැසිවාරයන්හි එකකට සහභාගි වීම සඳහා එම දූත පිරිස මෙරටට ඊයේ (11දා) පැමිණ ඇත.

එම දූත පිරිස මැයි 23 දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මැයි 12 සිට මැයි 15 දක්වා දිනවල සම්බන්ධ වේ. මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වට් ජහාන්ද මෙයට එක්වීමට නියමිතය.

මෙම දූත පිරිසේ විශේෂ මාධ්‍ය හමුවක් ලබන සඳුදා (15 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment