දකුණේ සම්ප්‍රේෂණ රැහැනට සරුංගල් අපලයක්

550

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 150 ක් දක්වා දිවෙන මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ විදුලිය සම්බන්ධතාවය ලබාදීමට සරුංගල් බාධාවක් වී ඇති බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක අනුරුද්ධ තිලකරත්න මහතා ‘දිවයින’ට ඊයේ (18 වැනිදා) පැවසීය.

මෙම සම්ප්‍රේෂණ මාර්ගයට විදුලිය ලබා දීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇතත් එකී කටයුතුවලට සරුංගල් බාධාවක් වී ඇති බවත් එබැවින් තවදුරටත් එම කලාපවල සරුංගල් යැවීම සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

සරුංගල් යවනා තංගුස් නූල් මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් තුළ ගැටීමෙන් විදුලි සම්බන්ධතාවය ලබා දීමට බාධාවක් වී ඇති හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment