ඇල්දෙණියේ යුවළක් නිවස ගිනිගෙන මිය යති

193

කඩවත ඇල්දෙණිය ජනතා මාවතේ දෙමහල් නිවසක උඩුමහලේ ඇතිවූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ ගින්නෙන් පිළිස්සී නිවස තුළම මියගොස් ඇතැයි කඩවත පොලිසියෙන් වාර්තා වේ.

26 වනදා අලූයම 4.30ට පමණ එම නිවස තුළ ගින්නක් හටගෙන ඇති අතර ත‍්‍රීරෝද රථ රියදුරෙකු වන 56 හැවිරිදි අජිත් රේමන් සහ ඔහුගේ බිරිඳ වන 53 හැවිරිදි සුමිත‍්‍රා රාජපක්ෂ නමැති ඔහුගේ බිරිඳ මෙලෙස මියගොස් ඇත.

දරුවන් දෙදෙනකුගේ මවුපියන් වන මෙම දෙපළගේ වැඩිමහල් පුත‍්‍රයා එම නිවසේම පහත මාළයේ පදිංචිව සිට ඇත.

මියගිය පුද්ගලයා එදින අලූයම 4.00ට පමණ සිය දියණියගේ නිවසට ගොස් රන් ආභරණ කීපයක් සහ මුදල් දියණියට දී ඇති බව කඩවත පොලිසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

එම නිවස අසල පදිංචිකරුවන් මාධ්‍යට පැවසුවේ 26 වනදා අලූයම 4.30 පමණ මියගිය කාන්තාව උදව් ඉල්ලා කෑගසන හ`ඩ ඇසී බලන විට එම නිවස ගිනි ගන්නා අයුරු දුටු බැවින් අසල්වාසීන් එක්ව ගින්න නිවා දැමීමට ක‍්‍රියාකළ අතර පසුව සෝදිසි කර බලද්දී අඹුසැමි යුවළ පිළිස්සී මියගොස් සිටි බවය.

මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව මියගිය පුද්ගලයා විසින් නිදියහනට පෙට‍්‍රල් දමා ගිනිතබා ගෙන මෙලෙස සියදිවි හානි කර ගත්තේද යන්න සැක පහල වී ඇත.

මහර අධිකරණයේ වැඩබලන මහෙසත‍්‍රාත් ප‍්‍රසන්න විමලරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සහ කොවිඞ් 19 පරීක්ෂණ වාර්තාව ලබාගැනීම ස`දහා මේ වන විට මෘත දේහයන් රාගම රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.

කඩවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.

කැලණිය මංගලා මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment