අද දිනුවොත් යාපනය හෝ නුවර එල්පීඑල් අවසන් සටනට

202

මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ඔවුන්ට වඩා එක් පියවරක් පසුපසින් සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට පිවිසීම සඳහා අද (21 වැනිදා) ප.ව.3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතය.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අනිද්දා (23 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

අද පැවැත්වෙන තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම අද රාත්‍රී 7.30ට කළම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග හෙට තරග වැදීමට නියමිතය.

අද දිනුවොත් යාපනය හෝ නුවර එල්පීඑල් අවසන් සටනට

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වැනි දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මෙවර තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය. එහිදී ඔවුන් තරග අටකට සහභාගි වී තරගයක් පමණක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 14ක් හිමිකර ගෙන අංක 1 ස්ථානයට පත්වූ අතර තරග 8න් තරග 6ක් ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දෙවන ස්ථානයට පත් විය.

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ පසුගිය වර ශූරයෝ වෙති.

අද දිනුවොත් යාපනය හෝ නුවර එල්පීඑල් අවසන් සටනට

කළම්බු ස්ටාර්ස් කණ්ඩායම තරග 8න් තරග තුනක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට සුදුසුකම් කීය. තරග 8න් තරග දෙකක් පමණක් ජයග්‍රහණය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි කර ගත්තේය. එහෙත් ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය අනුව දඹුල්ල අවුරා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම 4 වන ස්ථානයට පත්ව තරගාවලියේ දෙවෙනි වටයට සුදුසුකම් ලැබූ අතර දඹුල්ල අවුරා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment