කාබනික පොහොරින් දිනූ ලූණු ගොවියා

370

ගලේවෙල ප‍්‍රදේශයේ ලූණු ගොවියාට හොඳ කාලයක් උදාවී ඇත. ඒ අනුව පසුගිය දිනවල රුපියල් 80/=ට 90/=ට තිබූ ලොකු ලූණු කිලෝව මේවනවිට රුපියල් 160/= දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති. ආනයනික ලූණු කිලෝවකට රුපියල් 40/=ක බද්දක් පැනවීමත් සමඟම මෙසේ දේශීය ලොකු ලූණු මිල ඉහළ ගොස් ඇති බව ගොවීහු පෙන්වා දෙති. ගලේවෙල පට්ටිවෙල ප‍්‍රදේශයේ එස්.ඒ. රත්නපාල මහතා සෑම වසරකම ලූණු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා ගොවියෙකි. ඔහුගේ වගාවේ විශේෂත්වය නම් කාබනික පොහොර යොදා ලූණු ගොවිතැන් කිරීමයි. ඔහු මෙවර ලොකු ලූණු අස්වැන්න වෙළඳපොළට යැවීමට සූදානම් කරන අයුරු මෙහි දැක්වේ. ආනයනික ලූණුවලට බද්දක් දමා දේශීය ලොකු ලූණු ගොවියා ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන හෙතෙම රජයට සිය කෘතඥතාවය පළකරයි.

 ගලේවෙල විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment