ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF – ETF හානි එපා කියූ වසන්ත සමරසිංහගේ පෙත්සම විසිවෙයි

242

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අනුව සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට බලපෑමක් සිදුවන පරිදි කටයුතු කිරීම වළක්වන නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය හා එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) ප්‍රතික්ෂේප කළේය.

වගඋත්තකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා හා සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

එකී අරමුදල්වලින් රජය ලබාගෙන ඇති ණය කප්පාදු සිදු නොකරන ලෙසට හා භාණ්ඩාගාර බිල්පත් මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා ආයෝජනය කර ඇති රුපියල් ටි්‍රලියන ගණනක් වූ මුදල්වලට කිසිදු බලපෑමක් වන ආකාරයේ තීන්දු තීරණ ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත නිකුත් කරනා ලෙසත් වසන්ත සමරසිංහ මහතා සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment