රේගු වෙන්දේසි ‘ඔන්ලයින්’ වෙයි

109

එළැඹෙන ජූලි 25 වැනිදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලුම වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විවිධ ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී රේගු දෙපාර්තමේන්තුවේ සියලුම වෙන්දේසි ඒ අනුව මාර්ගගත ක්‍රමයට සිදු කිරීමේ වගකීම ඔවුන් භාරගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ තුළින් රජයට නිසි ආදායමක් ලැබෙන බවද තරගකාරී පිලකට රත්රන් ඇතුළු භාණ්ඩ ලබා ගැනීමේ විවෘත අයිතියක් ජනතාවට ලබාදීමට හැකි වන බවද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment