හරිත – ලෝහිත ශූරතාව ‘බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලට

27

බිංගිරිය – ශ්‍රී සරණංකර ජාතික පාසල හා පඬුවස්නුවර – එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල අතර වාර්ෂිකව පැවැත්වෙන හරිත – ලෝහිත (BATTEL OF THE GREEN vs MEROONS) මහා ක්‍රිකට් සංග්‍රාමය පසුගියදා පඬුවස්නුවර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ අතර එහිදී කඩුලු 8ක විශිෂ්ට ජයක් සමඟ මෙවර අභියෝග ශූරතා කුසලානය ‘බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල’ විසින් හිමිකර ගනු ලැබීය.

මෙතෙක් මෙම පාසල් කණ්ඩායම් දෙක අතර තරග 4ක් පවත්වා ඇති අතර ඉන් 3කම ජයග්‍රහණය බිංගිරිය කණ්ඩායම විසින් සතු කරගනු ලැබීය.

පන්දු වාර 50ක් ලෙස පැවැති මෙම තරගයේ කාසිය වාසිය හිමි කරගත් බිංගිරිය කණ්ඩායම් නායක චමිඳු වත්සර විසින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පඬුවස්නුවර (හරිත) කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් විසින් සියල්ලන්ම දැවී ලකුණු 154ක් ලබාගත් අතර අනතුරුව පිටියට පිවිසි බිංගිරිය (ලෝහිත) කණ්ඩායම විසින් කඩලු දෙකක් පමණක් දැවී ලකුණු 157ක් රැස්කර මෙවර ශූරතාව හිමි කරගනු ලැබීය. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රමෝද් නිපුන කටයුතු කළ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බිංගිරිය ජාතික පාසල් කණ්ඩායමේ ෂෙහස්න නිම්සර සම්මාන ලැබූ අතර එම කණ්ඩායමේ නායක චමිඳු වත්සර හොඳම පිතිකරු ලෙසත් සමර ආරච්චි හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන ගත්හ.

හරිත - ලෝහිත ශූරතාව 'බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලට
පඬුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිනිය, කේ.එම්.එස්.එස්. කුමාරි හා බිංගිරිය සරණංකර ජාතික පාසලේ විදුහල්පති සරත් චන්ද්‍රකුමාර විසින් ජයග්‍රාහී අභියෝග ශූරතා කුසලානය බිංගිරිය ජාතික පාසල් කණ්ඩායම් නායක චමිඳු වත්සර වෙත ප්‍රදානය කළ අයුරු.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment