පොහොට්ටුවේ ශක්තිය අද සමුළුවෙන් පෙන්වනවා – පොදුජන පෙරමුණේ මහ ලේකම්

111

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය අද රටට පෙන්වන බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ හා අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අද (15 දා) සවස 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විජයග්‍රාහී දේශපාලන මෙහෙයුම එළි දක්වන බවත්, ව්‍යවස්ථා සංශෝධනයන් කිහිපයක්ම කිරීමට අපේක්‍ෂා කරන බවත් මහ ලේකම් සාගර කාරියවසම් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment