‘ගෝඨා ගෝ හෝම්’ ලක්ෂ 100 ක් වන්දි ඉල්ලයි

1293

පොලිසිය විසින් සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර ඊයේ (29 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ‘ගෝඨා ගෝ හෝම්’ යන වැකිය අන්තර්ජාලයට මුදාහැරියේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන එලෙස රඳවා තබා ගැනීමෙන් සිදුවූ හානියට රුපියල් ලක්ෂ 100 ක වන්දියක් ගෙවන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනකු නම්කර ඇත. එලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය වී ඇතැයි ද පෙත්සම්කරු අධිකරණයට සඳහන් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment