දෙවැනි තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට

190

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ රාත්‍රියේ දී පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් විය.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 66ක් ද චරිත් අසලංක 69ක් ද ලෙස ලකුණු ලබා ගත්හ.සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 06ක් දැවී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව තරග 03කින් සමන්විත තරගාවලිය 1-1ලෙස කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ගෙන සමව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment