ෂෙඩ්වලට දෙන තෙල් සීමා කරයි : අවසන් ඩීසල් නැවත් කොළඹ වරායට

382

තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන් 500 ට සීමා කිරීමට තෙල් සංස්ථා අලෙවි අංශය පියවර ගෙන තිබේ.

ඉන්දීය ණය යටතේ මෙරටට එන අවසන් ඩීසල් නැව ඊයේ (16 වැනිදා) කොළඹ වරායට පැමිණි අතර එය ගොඩබෑවත් එම ඩීසල් මෙට්‍රික්‌ ටොන් 40,000 ප්‍රමාණවත් වන්නේ දින හතකට පමණි.

පෙට්‍රල් නැවක් මිලදී ගැනීමට තාමත් පියවර ගෙන නැති අතර එකම විකල්පය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන තෙල් අලෙවි ඒජන්තකරුවන්ගෙන් පෙට්‍රල් නැවක් මිලට ගැනීම පමණකැයි තෙල් සංස්ථා උසස් නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී ඉන්ධන අර්බුදය තවත් නරක අතට හැරෙන බවත් ඩොලර් නොමැති නිසා ඉන්දියාව හෝ වෙනත් ක්‍රමයකින් ඩොලර් ලබාගැනීමට සිදුව ඇති බවත් ඔව්හු පවසති.

මෙම තත්ත්වය හමුවේ මේ වනවිට මෙරට පිහිටි ඉන්ධන හල් 1190 න් තෙල් නිකුත් කරන්නේ ඉන්ධන හල් සියයක පමණ ප්‍රමාණයක පමණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment