රට පුරාම ඩෙංගු රෝගීන් 49 දහස පනී

67

දිවයිනේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,960 දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (04 වැනිදා) පැවසීය.

ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛi නිලධාරි කොට්ඨාස 43 ක් නම් කර ඇතැයි ද හෙතෙම කීය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 24,930 ක් බවත් ඒ මහතා කියා සිටියේය.

මීට අමතරව මහනුවර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වේ.

දිවයිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ජුනි මාසයේ බවත් එම සංඛ්‍යාව 9916 ක් බවත් ඒ මහතා සඳහන් කළේය. දිවයිනෙන් මේ වන විට ඩෙංගු මරණ 31 ක් වාර්තා වී තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment