ශූරතාවය බ්ලැක් ඊගල්ස්ට

25

පීපල්ස් ඉන්ෂුවරන්ස් සුබ සාධක කමිටුව මගින් සංවිධානය කරන ලද අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලැක් ඊගල්ස් කණ්ඩායමට හිමි විය.

එහි අනුශූරතාවය සයිලන්ට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම දිනා ගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස නුවන් ප්‍රදීප්, දක්ෂතම පිතිකරු ලෙස අචල ශක්ති, අවසන් තරගයේ වීරයා ලෙස ශෙහාන් හෙට්ටිආරච්චි සහ තරගාවලියේ වීරයා ලෙස මධුමාධව සචිත්‍ර සම්මාන ලැබූහ.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ඉසුරු බාලපටබැඳිගේ, ප්‍රධාන විධායක නිලධාරිනි ජීවනී කාරියවසම්, අධ්‍යක්ෂක කසුන් විජේතිලක ඇතුළු පිරිස එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment