ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරී අකිලා ඇගයේ

86

පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ශ්‍රී ලංකාවට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දුන් 72 හැවිරිදි අකිලා නිරුනායකි ඇගයීමේ උළෙලක් සයිව මංගයර් කලගම් (Saiva Mangaiyar Kalagam) – සංවිධානය විසින් පවත්වන ලදී.

පාවහන් නොමැතිව ධාවනයේ යෙදෙන අකිලා මිනිත්තු 8 යි තත්පර 38 කින් මීටර් 1500 ඉසව්ව නිම කරමින් රන් පදක්කම දිනා ගත් අතර මීටර් 5000 ඉසව්ව විනාඩි 31 යි තත්පර 41 කින් නිම කරමින් රිදී පදක්කම ද දිනා ගත්තාය. මීටර් 800 සහ කිලෝමීටර් 5 ඇවිදීමේ තරගයෙන් ඇය ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කළාය.

කාන්තාවන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවර්ධනය සඳහා වසර 93 කට පෙර කාන්තා කණ්ඩායමක් විසින් පිහිටුවන ලද සයිව මංගයර් කලගම් සංවිධානය මාලා සබාරත්නම් මෙනවිය විසින් මෙහෙයවන ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment