නියෝජ්‍ය පොලිස් අධිකාරි ශදාබ් ඛාන්

489

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශදාබ් ඛාන් පන්ජාබ් පොලිසියේ තානාපතිවරයකු ලෙස පත්කර ඇත.

ඒ අනුව පන්ජාබ් පොලිස්පති උස්මන් අන්වර් මහාතා විසින් ශදාබ් ට අදාළ නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී.

මධ්‍යම පොලිසියේ ඊයේ පැවැති එම උත්සවයෙන් අනතුරුව ශදාබ් ඛාන් නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයකු ලෙස පත්වීම් ලැබ ඇත.

එහිදී පැවති උත්සවයේදී ශදාබ් ඛාන් පැවසුවේ තමන් කවදාවත් පංජාබ් පොලිසියේ කොටස්කරුවකු වීමට සිතුවේ නැති බවත් එහෙත් මේ ලද ගෞරවය ඉතා අගය කරන බවයි.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 168 කට ක්‍රීඩා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment