ස්වාධීන බලශක්ති ව්‍යාපෘති තුළින් ජන ජීවිතය ආලෝකවත් කිරීම පමා නොකළ යුතුයි

139
පාරිභෝගික ජීවිත ආලෝකමත් කරන උපයෝගීතා පරිමාණයේ ලාභදායී ස්වාධීන බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති හෝ උපයෝගීතා පරිමාණයේ ලාභදායී විදුලි බලශක්ති ව්‍යාපෘති තුළින් පාරිභෝගික ජනතාවගේ ජීවිතය ආලෝකමත් කිරීම හෝ උපයෝගීතා පරිමාණයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදනය වෙත යොමු වීමේ වැදගත්කම පහත සලකා බලමු.

ශ්‍රී ලංකාවේ විදුලිබල ශක්ති පද්ධතිය නව ප්‍රවේශයන් ඔස්සේ සවිබල ගන්වමින් එහි විශ්වාසනීයත්වය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවයක් වර්තමානය වන විට උදාවී ඇත. එබැවින් මෙරට බලශක්ති ක්‍ෂේත්‍රය තුළ සුළං, සූර්ය සහ බැටරි ආදී උපයෝගිතා පරිමාණයේ ව්‍යාපෘති කෙරෙහි පවතින අභිමතාර්ථයන් වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතී.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය දැනට අපේ රටේ පවතින පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන්ට වඩා බෙහෙවින් ලාභදායී වේ. සුළං බල ව්‍යාපෘති ඔස්සේ පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 50ක පමණ ඉතිරියක් හිමිකර ගැනීමට හැකි වීම මෙහි ලාභදායී බව පිළිබඳව හොඳම නිදර්ශනයකි. එනම්, දැනට පවතිනවාට වඩා අඩු පිරිවැයක් යටතේ අපට පුනර්ජනනීය බලශක්තිය තුළින් විද්‍යුත් බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

එමෙන්ම බලශක්ති ක්‍ෂේත්‍රය ආශ්‍රිතව උද්ගත විය හැකි ගැටලුවලට සාර්ථක පිළියමක් ලෙස බොහෝ අසල්වැසි රටවල් ස්වාධීන බලශක්ති නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ තුළින් තාක්ෂණික ගැටලු නිසා සිදුවන උපපොල (Grid) බිඳවැටීම් හමුවේ පාරිභෝගික අවශ්‍යතාවයන් සංතෘප්ත වන පරිදි ප්‍රමාණවත් සම්ප්‍රේෂණ සැලසුම් සවිබල ගැන්වීමට හැකියාව ලැබේ. මේ වන විට අසල්වැසි ඉන්දියාව ද මේ පිළිබඳව සිය අවධානය යොමු කර ඇති අතර ඔවුන් ද උසස් ස්වාධීන බලශක්ති නිෂ්පාදන සැකසුම් සමඟ සිය විද්‍යුත් බලශක්ති පද්ධතිය වැඩි දියුණු කර ඇත. අපේ රට තුළ ද ස්වාධීන බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ හැකි නම් එය ඉතාමත් යෝග්‍ය විකල්පයක් වනු ඇත. විශේෂයෙන්ම Adani වැනි ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමාගම් ඔස්සේ 30%ක පමණ සැලකිය යුතු පිරිවැය ඉතිරියක් සමඟ ඩොලර් ශත 10ට වඩා අඩු ඒකක පිරිවැයක් යටතේ විදුලි බලශක්තිය සම්ප්‍රේක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් ඇත. එවැනි ස්වාධීන බලශක්ති නිෂ්පාදන කටයුතු අපේ රට තුළ ද ස්ථාපනය කළ හැකි නම් මෙරට විදුලි බලශක්ති ක්ෂේත්‍රයට ද එය නිසැකවම මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි බලශක්තිය සඳහා ගුණාත්මක විසඳුමක් ලබාදීම උදෙසා රජය විසින් ඉදිරි වසර 03 තුළ දී ඩොලර් බිලියන 3ක පමණ ලාභයක් උත්පාදනය කළ හැකි හරිත බලශක්ති ආයෝජන ව්‍යාපෘතියක් යෝජනා කර ඇති අතර එය දේශීය ආර්ථිකය වෙත ධනාත්මක පිටුබලයක් සපයනු ඇත. ආයෝජන මණ්ඩලය විසින් සඳහන් කරන පරිදි දේශීය පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය තුළ 2030 වසර තෙක් ඩොලර් බිලියන 25ක පමණ ආයෝජනයක් සිදුකිරීමට සමාගම් කිහිපයක් දැනටමත් සැලසුම් කර ඇත. තවද, 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තිය මඟින් රටේ බලශක්ති ඉල්ලුමෙන් 70%ක් සපුරමින් විද්‍යුත් බලශක්ති ජාලය හරිතකරණය කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව ඉදිරි වසර 3-4 තුළදී FDI හරහා අනාගත පෞද්ගලික ආයෝජනයන් සමඟින් ඩොලර් බිලියන 3ක පමණ උපයෝගිතා පරිමාණ සුළං, සූර්ය සහ බැටරි ගබඩා කිරීමේ ව්‍යාපෘති මෙරට තුළ දියත් කිරීමට බලාපොරොත්තු වන අතර එය අප රටේ විදුලි බලශක්ති උත්පාදන ක්‍රියාවලිය කෙරෙහි මනා පිටිවහලක් වනු ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛත්වය ගනිමින් Sun Power සමාගම ඩොලර් බිලියන 1.5ක ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන අතර Adani Green සමාගම ඩොලර් මිලියන 900ක්, Orbital Energy සමාගම ඩොලර් මිලියන 200ක් මෙන්ම Wind Force සමාගම ඩොලර් මිලියන 150ක් ආදී වශයෙන් මේ සඳහා ආයෝජනය කිරීමට නියමිතය.

උපයෝගීතා පරිමාණයේ මෙම ව්‍යාපෘති අනාගතයේදී මල්ඵල ගැන්වීම සඳහා මේ වන විටත් රාජ්‍ය මට්ටමින් කඩිනම් සහයෝගයක් සහ අවධානයක් ලබා දී ඇත. කෙටි කලක් තුළදී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම තුළින් අප රටට ද අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකිය. උපයෝගිතා පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදනය නිසැකවම විදුලි අර්බුදය පිළිබඳව තිරසාර විකල්පයක් වන අතර කඩිනමින් එම විකල්පයන් වෙත යොමුවෙමින් මහජන ජීවිත වෙනුවෙන් යම් සහනයක් සැලසීම වර්තමානය තුළ වඩාත් කාලෝචිත සහ ගුණාත්මක විසඳුම වනු ඇත.

එබැවින් කඩිනමින් ශ්‍රී ලංකාවේ දැනට පවතින බලශක්ති උත්පාදක ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් උපයෝගීතා පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සවිබල ගන්වමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ. එවිට උපයෝගීතා පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඔස්සේ වඩාත් සහනදායී ලෙස විදුලිය උත්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment