බංග්ලාදේශය සිය දේශයේදී නවසීලන්තයට එරෙහි පළමු ජය ලබයි

129

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 150කින් ජය ගනිමින් නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශයේ දී පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ අවසන් දිනය වූ පෙරේදා (02 වැනිදා) පරාජයෙන් බේරීම සඳහා කඩුලු 4 ක් අතැතිව ලකුණු 219 ක් රැස් කර ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටි නවසීලන්ත ක්‍රීඩකයන් මුළු ලකුණු සංඛ්‍යාව 181 දී දවා ගැනීමට බංගලදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීමේ දී දෙවන ඉනිමේ කඩුලු 6ක් සහ පළමු ඉනිමේ කඩුලු 4ක් දවාගත් ටයිජුල් ඉස්ලාම් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංගලාදේශ කණ්ඩයම සමත් වූ අතර මීට පෙර නවසීලන්තයේදී ද නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම 2022 වසරේදී සමත්වී තිබුණි.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පළමු ඉනිම 310/10

නවසීලන්තය පළමු ඉනිම 317/10

බංග්ලාදේශය දෙවැනි ඉනිම 338/10

නවසීලන්තය දෙවන ඉනිම 181/10

advertistmentadvertistment
advertistmentadvertistment