ටැටූ ගහනවාට හස්බන්ඩ් කැමැති නැහැ – සංජානා

273

හිතුවෙවත් නැති දෙයක් අන්තිමේ සිද්ධ වුණේ

හිරු නාලිකාව හරහා මේ දිනවල විකාශනය වන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ ටීනා ලෙසින් ඔබ හමුවට එන සංජානා ගමආරච්චිගේ අලුත්ම වැඩක් ගැන සමාජ මාධ්‍යවල හරියට කතාබහ වෙනවා. ඇත්තටම සංජානා රඟපෑම අතහැරලා මනාලියන්ට අන්දන්න පටන් අරගෙනද? සෝෂල් මීඩියාවල වයිරල් වුණු ෆොටෝ ෂූට් එක වගේම ඇගේ අලුත් තතු ගැන මීවිත අපි ඇයගෙන් විමසුවා.

ටැටූ ගහනවාට හස්බන්ඩ් කැමැති නැහැ - සංජානා

සංජානා රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?

මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයේ සහ හිරු ස්ටෙපප් රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු කරගෙන ඉන්නවා.

රඟපෑම් වැඩකටයුතු නවත්වන්නද හදන්නේ?

නැහැ. මම කවදාකවත් රඟපෑමේ වැඩ කටයුතු නවත්වන්නේ නැහැ. මට පුළුවන් තරම් රඟපෑම් වැඩකටයුතු වල නිරත වෙනවා.

රූපලාවන්‍ය වැඩකට අතගැසුවා කියලත් ආරංචියි?

ඔව්, මම ගොඩක් කල් ඉඳලා ආසාවෙන් හිටපු දෙයක්. මට දැන් තමයි ඒකට අවස්ථාව හම්බ වුණේ. අලුතෙන්ම තමයි වැඩේ පටන් ගත්තේ. දැනට ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ඉදිරියේදී බලමු කොහොමද වෙන්නේ කියලා.

ටැටූ ගහනවාට හස්බන්ඩ් කැමැති නැහැ - සංජානා

වැඩේ සාර්ථකද?

ඔව්. මේ දවස්වල මගේ ෆෝන් එක ගොඩක් බිසී. එක එක දේවල්වලට කට්ටිය ඇපොයින්මන්ට් ගන්නවා. මම හිතුවේවත් නැති දෙයක් තමයි අන්තිමේ සිද්ධවුණේ.

ලස්සන වෙන්න නම් සංජානා ළඟට එන්න ඕනෑ?

ලස්සන වෙන්න කැමැති කට්ටිය ඉන්නවා නම් මා ළඟට ආවොත් ලස්සන කරලා දෙන්න පුළුවන්.

ඔයාට වඩා ලස්සන වෙන්න වැඩේ කරනවාද?

මම හරි කැමැතියි කෙනෙක්ව ලස්සන කරන්න පුළුවන්නම්. තමන්ට හිමි ලස්සනක් තමයි තමන්ට තියෙන්නේ. මම නම් හරි කැමැතියි. හැමෝම ලස්සනට ඉන්නවා නම් ඒක මගේ අතින් සිද්ධ වෙනවා නම් මම තවත් සතුටුයි.

සංජානාගේ ෂූට් එකක් වයිරල් වෙනවා නේද?

ඒ ෂූට් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ක්‍ෂේත්‍රයේ අය මොනවද කිව්වේ?

මොකක් හරි උත්සවයක් තියෙනවා නම් ක්‍ෂේත්‍රයේ අයත් දැන් මා ළඟට එනවා. මේකප් කරගන්න. එයාලත් ඇවිල්ලා කියලා යනවා. නිළියක් නිළියක්ට මේකප් දානවා දැක්කමයි කියලා. කිසිම කුහකකමක් නැහැ. ලස්සනයි නංගි කියලා.

රූපලාවන්‍ය ෆීල්ඩ් එක හින්ද ලොකු තරගයක් දෙන්න වෙයිනේ?

අනේ මට එහෙම කාත් එක්කවත් තරගයක් නැහැ. මට වැඩ ආවොත් කරනවා. නැති වුණොත් මම ගෙදරට වෙලා ඉන්නවා. මට ඕනෑ මම තෘප්තිමත් වෙන දෙයක් කරන්න මිසක් කාත් එක්කවත් තරගයකට යන්න නෙමෙයි.

කොහොමද විවාහ ජීවිතය?

හොඳයි හස්බන්ඩ් ඉන්නේ ඔස්ටේ්‍රලියාවේ මම ලංකාවේ.

එයා මාව බලලා යන්න එනවා මේ අවුරුද්දේ මම එයාව බලන්න ගිහිල්ලා එන්න ඕනෑ.

ළඟදීම ඔස්ටේ්‍රලියා යනවාද?

ඔව්.

මහත්තයා ළඟදී ආවේ නැතිද?

මහත්තයා මාස එකහමාරකට කලින් විතර ඇවිත් ගියා.

ළඟදීම වෙඩින් එක ගන්නවාද?

ඇත්තටම මේ අවුරුද්දෙ තමයි වෙඩින් එක ගන්න හිටියේ. අපිට ඇතිවුණ කාර්ය බහුලත්වයත් එක්ක ඒක කරගන්න බැරිවුණා. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම වෙඩින් එක ගන්නවා. කිට්ටුවෙලා වැඩි විස්තර කතා කරමු.

අලුත් බිස්නස් එක ගැන මහත්තයා මොනවද කිව්වේ?

එයාගෙන් හැම වැඩකටම මට සහයෝගය ලැබෙනවා. එයා කියන්නේ ඔයාට පුළුවන් දෙයක් විතරක් කරන්න. බැරි දේවල් කරන්න යන්න එපා කියලයි.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

ජනප්‍රියත්වය හොඳයි. මිනිසුන්ගේ ආදරය ලබන්න මම හරි කැමැතියි. මම හරි ආසයි.

විලාසිතාවලට ලබාදෙන ඉඩකඩ?

මට හිතුණොත් කරන්න ඕනෑ කියලා මම ඕනෑම විලාසිතාවක් කරනවා. එහෙම නැතිව මම විලාසිතා පස්සේ ලුහුබඳින චරිතයක් නෙමෙයි.

ටැටූවලට කැමැතිද?

පොඩි කාලේ නම් ටැටූ වලට ආසා නැහැ. හැබැයි චුට්ටක් ලොකු වෙද්දී ටැටූ එකක් ගහන්න ආසාවක් තිබුණා. දැන් ඉතිං හස්බන්ඩ් කැමැති නැහැ ටැටූ ගහනවාට. ඒක හින්දා ඒ අදහස මම හිතින් අතහැරලා දැම්මා.

නිළියෝ හැමෝම මේ වැඩේ කරන හින්දා සංජානා එක්ක යාළුවෝ තරහා වෙයිද දන්නේ නැහැ?

තරහවෙන කට්ටිය තරහා වෙයි. යාළුවෙන කට්ටිය යාළුවෙයි. කොහොමත් ඉන්න කට්ටිය ඉන්නවා. නැති කට්ටිය යනවා. මම මේක පටන් ගත්තා කියලා මාත් එක්ක තරහා වෙන පිරිස් ඉන්නවා නම් ඒක ඒගොල්ලන්ගේ හදවතේ තියෙන නරක ගතියක් වෙන්න පුළුවන්. අපේ ලංකාවේ අපිට ඕනෑ දෙයක් කරන්න අපිට අයිතියක් තියෙනවා. ඉතිං ඒ වගේ දෙයක් දැම්මා කියලා තරහාවෙන යාළුවෙක් ඉන්නවා නම් එයා නැතිවෙන තරමට මට හොඳයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment