පස්දුන් කෝරළේ සටන ජය පැරදුමෙන් තොරයි

101

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම ශාන්ත මේරී විද්‍යාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී දී පැවති පස්දුන් කෝරළයේ ක්‍රිකට් සටන ජය පරාජයකින් තොරව නිමා විය.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ආනන්ද පිළ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 184 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශාන්ත මේරී ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 147ක් ලබා ගත්හ.

දෙවෙනි ඉනිම සඳහා යළි පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 5කට ලකුණු 154ක් ලබා ඉනිම අත්හිටවූ අතර ශාන්ත මේරී කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 131ක් ලබා සිටියහ.

තරගයේ හොඳම පිතිකරුවා ලෙස ශාන්ත මේරී විද්‍යාලයේ යසිත් සත්සර රණසිංහ ද, හොඳම පන්දු යවන්නා ලෙස ශාන්ත මේරි විද්‍යාලයේ නිතිල් දුල්සර ද, හොඳම පන්දු රකින්නා ලෙස ආනන්ද ශාස්ත්‍රාලයේ නුමේෂ් එරන්ද ද, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ආනන්ද ශාස්ත්‍රාලයේ නුවන් දිනෙත් ද සම්මාන ලැබූහ.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment