සහල් සම්මේලනය මාර්තු 21 බතලගොඩදී..

53

ශ්‍රී ලාංකික කෘෂි විද්‍යාඥයන් විසින් සහල් පර්යේෂණයන් හරහා ලබාගත් ජයග්‍රහණයන් සමාලෝචනය කෙරෙන ‘සහල් සම්මේලනය’ වසර දහයකට වරක් මෙරටදී පැවැත්වීම සාමාන්‍ය සිරිත වුවත් 2020 වසරට නියමිතව තිබූ සමුළුව පැවැත්වූයේ නැත. කොවිඩ් වසංගත තත්ත්වයත්, ඉන් පසුව රට තුළ තිබුණු ආර්ථික පසුබෑමත් හේතුවෙන් එය දිගින් දිගටම කල්දැමුණි.

විරාමය නිමාකරමින් 2020 වසරට නියමිතව තිබූ සමුළුව වසර 13 කට පසු මාර්තු මස 21 වෙනි බ්‍රහස්පතින්දා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරමාන්, සහල් පර්යාෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී 2010-2020 අතර කාලය තුළ පැවැත්වූ සාර්ථක පර්යේෂණයන්හි ප්‍රතිඵල සම්පිණ්ඩනයක් අන්තර්ජාල ගතකිරීමටද කටයුතු යොදා තිබේ.

මෙතෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ ප්‍රධානීන් සියල්ල මෙම උත්සවයට සහභාගිවන ලෙසට ආරාධනා ලබා තිබීම විශේෂත්වයකි. අමතරව ශ්‍රී ලංකාවේ සහල් ස්වයංපෝෂණය වෙනුවෙන් පලදායී මෙහෙවරක් ඉටුකළ සියලුම ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන්ද සමුළුව සඳහා සහභාගි වෙමින් ඉදිරි වැඩසටහන් උදෙසා තම සම්පත් දායකත්වය ලබාදීමට නියමිතව ඇත.

  • සනත් එම්. බණ්ඩාර
advertistmentadvertistment
advertistmentadvertistment