චාමිකගේ තැන නුවන් තුෂාරට

1333

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටි චාමික කරුණාරත්නගේ ස්ථානය මේ වනවිට නුවන් තුෂාර හිමි කර ගෙන ඇත.

තරගාවලියේ පසුගිය 04 වැනිදා වනවිට චාමික තරග 4කදී කඩුලු 9 ක් දවා ගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි අතර නුවන් තුෂාර පෙරේදා තරගයේදී කඩුලු හතරක් දවා ගැනීමත් සමග ඔහු ගේ කඩුලු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම කඩුලු සංඛ්‍යාව මෙවර තරගාවලියේ එක් තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ද වන අතර නදර්න් වොරියස් කණ්ඩායමට එරෙහිව ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගනිමින් තුෂාර එම දස්කම් දැක්වීය.

තුෂාරගේ එම දස්කම් හේතුවෙන් ඔහු නියෝජනය කරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8 කින් තරගය ජයගත් අතර තුෂාර තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment