සිසු අධ්‍යාපනය අඳුරු නොකර කැලණිය සරසවිය විවෘත කරන්න – කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමි

46

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය අඳුරු කරන්නේ නැතිව වහාම විශ්වවිද්‍යාලය විවෘත කරන්න. එහෙම නැති වුණොත් අපි මීට වඩා දැවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා යැයි කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමියෝ ඊයේ (6 දා) පැවසූහ.

උමතු ආරක්‍ෂක නිලධාරියාට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකරනවා වෙනුවට සිදුකළේ එය යටපත් කරමින් විශ්වවිද්‍යාලය වසා දැමීමයි. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පළමු වසරේ ආබාධිත සොයුරාගේ මවට කළ ලිංගික බලපෑම සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් අප ඉල්ලා සිටිනවා යැයි ද උන්වහන්සේ පැවසූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment