බලපත්‍ර අවලංගු වූ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට අද සිට වන්දි

138

බලපත්‍රය අවලංගු කරන ලද ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනයේ සුදුසුකම් ලත් තැන්පත්කරුවන්ට හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම අද (09දා) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට ආරම්භ කර 2024.07.12 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ අනුව අද සිට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් නියමිත ලේඛන ඉදිරිපත් කර උපරිමය ලක්‍ෂ 11කට යටත්ව තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස දැනට සම්පූර්ණ රක්‍ෂණ වන්දි මුදල් ලබා නොගත් සුදුසුකම් ලත් පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන බව ද මහ බැංකුව පවසයි.

මේ ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි අධිකරණයක් මගින් 2024.07.12 දිනට ප්‍රථම ඈවරකරුවකු පත්කළ හොත් එදින සිට මෙකී රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම නවත්වනු ලබන බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment