උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

245

උඩරට දුම්රිය මාර්ගයට අද සවස පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර 148/6 සැතපුම් කණුව ප්‍රදේශයට මෙලෙස අද පස්වරු 4ට පමණ එම පස් කන්දක් කඩාවැටී ඇත.ඉදල්ගස්හින්න සහ ඔහිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී තිබේ.අදාළ මාර්ගය යථාතත්ත්වයට පත්කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment