ඉන්දීය ඖෂධ ගැන සෞඛ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

187

ඉන්දීය ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමේදී ඉන්දීය රජය කිසිදු බලපෑමක් හෝ කොන්දේසියක් ඉදිරිපත් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.එම ණය පහසුකම් යටතේ ඖෂධ 293ක් ගෙන්වා ඇතැයි ඔහු ද සදහන් කළේය.ඖෂධ ගෙන්වීමේදී ගුණාත්මක බවින් අඩු ඖෂධ ගෙන්වීම් මේ වන විට 43ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් කීවේය.අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ අද සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment