මත්ද්‍රව්‍ය ජාලයෙන් අල්ලස් ගත් නම් වැළක් – නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග කොටුවෙයි

595

නදීම් බාෂික්ගේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි මත්ද්‍රව්‍ය තිප්පළ ඇල්ලූ STF මෙහෙයුම

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුත්‍රයා වන නදිම් බාෂික් විසින් කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය, රුපියල් කෝටි 7 ක පමණ දේපළ සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් වැළක තවත් තොරතුරු හෙළිවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාලයෙන් අල්ලස් ගත් නම් වැළක් - නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග කොටුවෙයි

නදීම් බාෂික් නැමැත්තා පොලිස් විශ්ෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් බේරී පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නදීම් බාෂික්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන යන ජාවාරම්කරුවකු වන අතර ඔහු පොදුජන එක්සත් පෙරමුණ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාලයෙන් අල්ලස් ගත් නම් වැළක් - නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග කොටුවෙයි

මේ අතර ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන නදීම් බාෂික් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක සංවිධායකයවරයකු ලෙස කටයුතු කරන බව ද මේ වනවිට විට හෙළිවී ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන ගිය සුපිරි නිවසේ තිබී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලැබූ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු අඩංගු පොතක් සහ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුදගලයන්ට අල්ලස් මුදල් ලබාදුන් ලැයිස්තුවක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් අට පත්වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ඉකුත් සිකුරාදා රාත්‍රී කාලයේදීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එච්. කේ. විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන යන ශිරාන් බාෂික්ගේ කුඩු තිප්පළ වැටලීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැකවල්ලාගෙන සිටියදී සැකකටයුතු මෝටර් රථයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද යටකරගෙන එම නිවාස සංකීර්ණයේ රථගාල වෙත ගොස් ඇත.

ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුළු හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයම ක්‍ෂණිකව වටකර මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එහිදී ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන නදීම් බාෂික් සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස පලාගොස් ඇත.

එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඔහු සතුව තිබී වාහන 3 ක යතුරු සහ සුපිරි නිවසක යතුර සොයාගත් නිලධාරීන් එම නිවස පරීක්‍ෂා කර තිබේ.

රුපියල් ලක්ෂ තුනහමාරක මාසික කුලී පදනම මත ලබාගෙන තිබූ මෙම සුඛෝපභෝගී නිවසේ තිබී හෙරොයින්, විදේශ මුදල්, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ලිපි ලේඛන, ඩුබයි රාජ්‍යයේ හැඳුනුම්පත් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment