නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු වලට එරෙහිව පැමිණිල්ලක්

222


2023 වසරේ පැවැත්වීමට නියමිත නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ අයදුම්පත් හා ගාස්තු සම්බන්ධව නීති අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.ඒ අනුව හෙට පස්වරු 1.30ට එම පැමිණිල්ල සිදුකරන බව එම සංවිධානය පවසයි. පසුගිය වසර වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වැඩිවී ඇතැයි ද මීට පෙර පැවති විභාග අයදුම් ගාස්තුව වූයේ රුපියල් 6,000 ක් බවත් මෙම වසරේදී එම මුදල රුපියල් 15,000 ක් දක්වා වැඩි කර ඇතැයි ද එම සංවිධානය පවසයි. ඊට අමතරව විභාග ගාස්තුව ලෙස තවත් රුපියල් 1200 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment