දියවැඩියාව නිසා මතුවන ස්නායු දුර්වලතා

1252

දියවැඩියාව රෝගය හා සම්බන්ධව මතුවන රෝගාබාධ අතර ඉතා සමීප රෝගයක් ලෙස ස්නායු දුර්වලතා දැක්විය හැකිය. නිසිලෙස දියවැඩියා රෝගය පාලනය නොකළ රෝගීන්ට මෙලෙස ස්නායු දුර්වලතා මතුවීම නිසා ඉන් ඔවුනට බොහෝ අපහසුතා ඇතිවේ. දෙපා හිරිවැටීම්, ලිංගික අප‍්‍රාණිකත්වය ආදී ලෙසින් මෙම ස්නායු දුර්වලතා මතුවිය හැකිය.

 වෛiතුමනි, දියවැඩියා රෝගය නිසා මතුවිය හැකි ස්නායු දුර්වලතා මොනවාද?

 දියවැඩියා රෝගය නිසිලෙස පාලනය කර නොගැනීම එසේත් නැතිනම් රුධිරයේ සීනි අගය (HbA1c)ට වඩා අඩු මට්ටමකින් පවත්වාගැනීමට කටයුතු නොකිරීම නිසා සිරුරේ ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරිත්වයේ දුර්වලතාවයන් රැසක් මතුවේ.

 එහිදී අප පළමුව අපගේ ස්නායු පද්ධතිය පිළිබඳව වටහා ගැනීමක් කළ යුතුය.

 අපගේ සිරුරේ ඇති ස්නායු පද්ධතියේ අපට අපගේ කැමැත්ත මත පාලනය කළ හැකි ඉච්ඡුානුග ස්නායු පද්ධතියක් සහ අපගේ කැමැත්ත මත පාලනය කළ නොහැකි අනිච්ඡානුග ස්නායු පද්ධතියක් ලෙස ස්නායු පද්ධතිය කොටස් දෙකකට ක‍්‍රියාකරනු ලබයි.

 ඉච්ඡුානුග ස්නායු පද්ධතියට හානි සිදුවීම  ඉච්ඡුානුග ස්නායු පද්ධතියේදී අපට අපගේ මස්පි`ඩු ආදිය එහා මෙහා කරමින් චලනය කළහැකි චාලක ස්නායු පවතී.

 එසේම අපට සංවේදනය දැනෙන සංවේදී ස්නායු පවතී.

 දියවැඩියාව රෝගයේදී පළමුව හානියට ලක්වීමේ අවදානම ඇත්තේ සංවේදී ස්නායු වලටය. එහිදී එම ස්නායුවලට හානි සිදුවීමට පටන්ගත් විට එවැනි දියවැඩියා රෝගීන් වෛiවරයා වෙත පැමිණ තමාගේ දෙපාවල හිරිවැටීමක් ඇතිවී ඇති බවක් දැනෙන බවත්, ඉඳිකටු අනිනවා මෙන් විදුලිසැර වදිනවාක් මෙන්, පිච්චීමකට ලක්වෙනවා මෙන් වේදනාවක් ඇතිවන බවට පවසයි. මෙහිදී ඇතැම් රෝගීන් තමන්ට තදබල වේදනාවක් දෙපාවලින් හටගන්නවා යැයි පවසයි. විශේෂයෙන්ම රාත‍්‍රි කාලයට මෙම වේදනාව දැඩිව දැනෙන බවත් දෙපා ඇඳ මතට ගත්විට එය වැඩි බවක් සඳහන් කරයි. මෙම තත්ත්වය නිසා රාත‍්‍රියට නින්ද යන්නේ නැති බවක් ද පවසයි. මෙය වේදනාකාරී ස්නායු ආබාධ (painful neuropathy) ලෙස හඳුන්වයි.

 මෙලෙස සංවේදී ස්නායු පද්ධතිය හානියට ලක්වීම සිදුවීම පටන්ගෙන යම් කාලයක් ගතවූ විට එම රෝගීන්ට දැනීම අඩුවීම පටන් ගනී. මෙම තත්ත්වය දෙපාවලින් ආරම්භ වේ. එවිට දෙපා පොළොවේ ස්පර්ශවීම දැනීම අඩුවීමට පටන් ගනී. මෙවැනි අවස්ථාවලදී රෝගීන් පවසන්නේ තමා පුළුන් ගොඩක ඇවිදිනු බව දැනෙන බවක් හා දෙපාවල යටිපතුල් හි කොහොල්ලෑ වැනි යමක් ඇලී ඇති බවක් දැනෙන බවය.

 මෙලෙස ඇතිවන දැනීමේ අඩු බව නිසා එම රෝගීන්ට බොහෝ ගැටලූ මතුවීමට පටන් ගනී. විශේෂයෙන්ම සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමේ ගැටලූ මතුවේ. එවිට වැටෙන්නට යා හැකිය. මෙවැනි අවස්ථාවලදී රෝගීන් පවසන්නේ තමා ඇවිදින විට වැටෙන්නට යන බවකි.

 මේ අතර රෝගියාට නොදැනීම දෙපාවල තුවාල මතුවිය හැකිය. විශේෂයෙන්ම ගල් තැලූම් (Callosities) යටිපතුල් හි හටගනී.

 රෝගියාගේ දැනීමකින් තොරව යටිපතුල් තෙරපුමට ලක්වීම නිසා තුවාල හට ගැනීම (Pressure Ulcers) මෙහිදී ඇතිවන අනතුරුදායක තත්ත්වයකි.

 මෙලෙස දෙපාවල ස්නායු දුර්වලවී ඇතිවන නොදැනීමේ තත්ත්වය නිසා ඇතැම් රෝගීන්ගේ දෙපා නින්දේදී මීයන් වැනි සතුන් සපාකෑමට ලක්වීමෙන් තුවාල හටගැනීමේ සිද්ධීන් දැකිය හැකිය.

 චාලක ස්නායුවල ඇතිවන දුර්වලතා නිසා දෙපාවල සහ අත්වල මස්පිඬුවල බලය අඩුවී යා හැකිය. එවිට දෙපාවල මස්පි`ඩු බලය අඩුවීම නිසා ඇවිදීමේදි අපහසුතා මතුවේ.

 තවත් පිරිසකගේ හිසේ පවතින ස්නායුවලට හානිවීම සිදුවේ. මෙහිදී රුධිරයේ සීනි ප‍්‍රමාණය අධිකව දියවැඩියාව දිගු කාලයක් පැවැතීම නිසා හිසේ යම් ස්නායුවක් දුර්වල වුවහොත් කට පණ නැතිවී පැත්තට යෑම, ඇසක ක‍්‍රියාකාරිත්වය දුර්වලවී වපරය ඇතිවීම වැනි රෝග තත්ත්වයන් මතුවේ. මෙහිදී එක් ස්නායුවක් දුර්වලවීම නිසා (Mononeuropathy) අදාළ තත්ත්වය හටගනී. එනම් ඇසේ ක‍්‍රියාකාරිත්වයට බලපාන ස්නායුවක් දුර්වල වුවහොත් වපරය මතුවේ. කටේ ක‍්‍රියාකාරිත්වයට බලපාන ස්නායුවක් අඩපණ වුවහොත් කට පණ නැතිවී පැත්තකට යයි.

 මේ අතර තවත් පිරිසකට රුධිර සීනි ප‍්‍රමාණය වැඩිවී තිබී එය අඩුවී යනවිට කලවා ප‍්‍රදේශයේ මස්පිඬු වේදනාවක් හටගනී. (Diabetic Amyotrophy)

 අනිච්ඡානුග ස්නායු පද්ධතියට හානි සිදුවීම

 අනිච්ඡුානුග ස්නායු පද්ධතියකට සිදුවන හානි පිළිබඳව විමසා බැලූවහොත් බහුලවම දක්නට ලැබෙන්නේ පුරුෂයින්ගේ සහ ස්ත‍්‍රීන්ගේ ලිංගික පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන දුර්වලතාවයන්ය. පුරුෂයින්ගේ ලිංගික ප‍්‍රාණවත්වීමේ දුර්වලතා, ස්ත‍්‍රීන්ගේ ලිංගික උත්තේජනය නිසිලෙස සිදුනොවීම ආදිය මතුවේ. එවිට ලිංගික ක‍්‍රියාවන්හි යෙදීමේ අපහසුතා හට ගනී.

 ඊට අමතරව මුත‍්‍රා පද්ධතියේ නිසි ක‍්‍රියාකාරිත්වයට බලපෑම් මතුවේ. එවිට මුත‍්‍රාසය නිසිලෙස හිස් නොවේ. එසේම මුත‍්‍රාසය හිස්වීම අක‍්‍රමවත්ව සිදුවේ. එවිට මුත‍්‍රා කිරීමේ ගැටලූ මතුවේ. එහිදී නොදැනුවත්වම මුත‍්‍රා පිටවීම් ආදිය සිදුවන්නේ මෙවැනි අවස්ථාවලදීය.

 ආහාර මාර්ගයේ ආමාශය සහ බඩවැල්වල ස්නායු ක‍්‍රියාකාරිත්වයට බලපා එහි යම් දුර්වලවීමක්ද මතුවේ. එවිට ආහාර ගත්විට වමනය යෑම වැනි ලක්ෂණ (Diabetic gastroparesis) ඇතිවේ. ඊට අමතරව මළබද්ධය, මළපහ බුරුලට පිටවීම වැනි රෝගබාධද ද ආහාර මාර්ගයේ ස්නායු දුර්වලතා හටගත්විට මතුවන තවත් රෝග කිහිපයකි.

 අනිච්ඡුානුග ස්නායු පද්ධතියට හානි සිදුවී ඇතැම් පුද්ගලයන්ට ආහාර ගන්නාවිට හිසට දහඩිය දමන තත්ත්වයක් මතුවේ.

 සාමාන්‍යයෙන් ආහාර ගන්නා විට සිදුවන්නේ කෙල උණන ගන්ථි ක‍්‍රියාකාරීවීමයි. නමුත් මෙහිදී එම ග‍්‍රන්ථි ක‍්‍රියාකරන ස්නායුවලට හානි සිදුවී එම ස්නායුවල කෙළවර කොටස් දහඩිය දමන ග‍්‍රන්ථි හා සම්බන්ධවීම නිසා මෙය සිදුවේ. (gustatory Sweating)

 හෘදය වස්තුව ක‍්‍රියාකාරිත්වයට බලපාන ස්නායු හානිවීම නිසා හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය වෙනස්වේ. එවිට හෘද ස්පන්දනය වේගවත්වේ. (Tachy Cardia)

 මෙවැනි රෝගවලට අමතරව සම වියලීම වැනි තත්ත්වයන්ද මතුවේ. දහඩිය දැමීමේ ස්නායු දුර්වලතා හටගැනීම නිසා මෙම තත්ත්වය මතුවේ.

 මෙලෙස හටගන්නා ස්නායු රෝග හඳුන්වන්නේ දියවැඩියාව සමඟ මතුවන ස්නායු රෝග (Diabetic Neuropathy) ලෙසය.

 වෛiතුමනි මෙවැනි ස්නායු රෝග සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

 මෙම ස්නායු රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී පළමුව අවධානය යොමු කළ යුත්තේ දියවැඩියා රෝගය පාලනය කර ගැනීමය. මන්දයත් ස්නායුවලට හානි සිදුවූ විට නැවත ඒවා යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම දුෂ්කරය. එනිසා රුධිර සීනි අගය HbA1c අගය 7ට වඩා අඩුවෙන් පවත්වාගෙන යෑමට පියවර ගත යුතයි.

 වේදනාකාරී ස්නායු රෝග ඇතිවූ විට එම වේදනාවන් පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදුකරයි.

 දෙපාවල දැනීම අඩුවීම නිසා දෙපා තුවාල වීම ආදිය වළක්වා ගැනීමට, ඒ සඳහා භාවිතා කිරීමට විශේෂ පාවහන් වර්ග සකස්කර ඇත. එවැනි රෝගීන් එම පාවහන් භාවිතා කළ යුතුය.

 ඇවිදීමේදී දෙපා පණ නැතිවීම ආදිය ඇතිවූ විට ඒ සඳහා භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා යොමුකර මස්පිඬු ශක්තිමත් කිරීම ආදිය සිදුකරනු ලබයි. ඊට අමතරව සමබරතාව පුහුණු කිරීම (balance training) වැනි කටයුතු සඳහා යොමුකරනු ලබයි.

 මළ බද්ධය, ලිංගික අප‍්‍රාණිකත්වය පවතින විට ඒවා නැවත යම් ක‍්‍රියාකාරිත්වයකට ගෙනඒම සඳහා ඖෂධ ප‍්‍රතිකාර භාවිතා කළ යුතුය.

 මෙලෙස දියවැඩියාව නිසා හටගන්නා ස්නායු දුර්වලතා සඳහ විවිධ ප‍්‍රතිකාර වර්ග භාවිතා කර මතුව ඇති ස්නායු දුර්වලතාවයන් සුවකිරීම සහ පාලනය කිරීම කළ හැකිය.

දියවැඩියාව නිසා මතුවන ස්නායු දුර්වලතා

advertistmentadvertistment
advertistmentadvertistment