කොග්ගල වසා දැමූ ඇඟලුම් කම්හල් දෙකක් යළි අරී

141

කොග්ගල ආයෝජන කලාපයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් දෙකක් නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත. මෙමගින් රැකියා අහිමි වූ සේවකයන් 2500 කට පමණ නැවත රැකියා අවස්ථා හිමිවන බව ආයෝජන මණ්ඩලය පවසයි.

ආයෝජන කලාපයේ පිහිටා ඇති මෙම කම්හල් සතුව ඇමරිකන් ඩොලර් මිලියන සිය ගණනක් තිබූ අතර ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීම මත මෙරට පුරෝගාමී

සමාගමක් විසින් මෙම කම්හල් දෙක විවෘත කර ඇත. මේ සඳහා ප්‍රථම අදියරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3.6 කට වැඩි මුදලක් සමාගම විසින් ආයෝජනය කර ඇත.

මේ සඳහා පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ප්‍රධාන සමාගමේ අධ්‍යක්‍ෂ ආචාර්ය රොහාන් එම්. ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.

කොග්ගල ආයෝජන කලාපයේ 11,000 ක පමණ ශ්‍රම බළකායක් සිටින අතර තව පිරිස බඳවා ගැනීමෙන් පසු ශ්‍රම බළකාය 13,500 දක්වා ඉහළ යනු ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment