මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද පැමිණෙන පිරිස් ඇල්ලීමට ස්ටුවඩ් සුනඛයාත් එක්වෙයි

215

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට 09 දා දින සිට මෙහෙයුමක් දියත් කර ඇත.

විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකයේ සහ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ. හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය ඇතිව ශ්‍රී පාද වන්දනාවේ වාහනවලින් සහ බස් රථවලින් පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂාවේදී (09 දා) දින ගංජා සහ නීති විරෝධී දුම්වැටි සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් දුම්රිය ස්ථානයේදී මෙහෙයුමක් දියත් කර ඇත. හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment