පොලිස්පතිගේ සේවා දිගුව පාර්ලිමේන්තුව උණුසුම් කරයි

396


පොලිස්පතිවරයාගේ සති තුනක සේවා දිගුව අනුමත කරමින් ව්‍යවස්ථාදායක සභාව වෙත ජනාධිපතිවරයාගේ ලිපිය ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාගේ නැවත සති තුනක සේවා දිගුව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හමුවේ මතුවූ උණුසුම්කාරී තත්ත්වයක් මතු විය. ඒ අනුව සභාව විනාඩි 10කට කල් තැබුණි.නැවත සභාව රැස්වූ අවස්ථාවේදී කතානායකවරයා මේ බව සභාවට දැනුම් දුණි.මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් පොලිස්පතිවරයාගේ සේවා දිගුව දෙවරක් සිදුකිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දුන් බවත් ඉන්පසු ස්ථිර පොලිස්පතිවරයෙක් පත්කරන ලෙස යෝජනා කළ බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment