මෝදිගෙන් පුටින්ට උපදෙසක්

341

වර්තමාන යුගය යුද්ධ කරන යුගයක් නොවේ යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැති රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.උස්බෙකිස්ථානයේ පැවැති කලාපීය ආර්ථික සහයෝගීතාව පිළිබඳ සමුළුව අතර මෙම රූපවාහිනී වැඩසටහන පැවැත්විණි.අප අවධානය යොමු කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, තානාපති සබදතාව,සහ සාකච්ඡා සදහා බවද සඳහන් කළේය.ආහාර සුරක්ෂිතතාව, ඉන්ධන සුරක්ෂිතතාව සහ පොහොර සුරක්ෂිතතාව අප වැඩි අවධානය යොමු කළ යුතු කරුණු බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා වැදගත් වන බව ද ඔහු සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment