හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන්  අතර ශ්‍රී ලාංකික විද්වතුන් දෙදෙනෙක්

375

කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ මෙවර වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර හා ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහත්වරුන් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් අතරට පත්ව තිබේ.

 මේ සඳහා වූ සම්මාන ප්‍රදානය කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ.

 මහාචාර්ය රුවන්පුර මහතා ඉදිකිරීම් ඉංජිනේරු විiාව පිළිබඳ විශාරදයකු වන අතර සම්මානලාභී විද්වතෙකු ද වේ. එතුමා කැල්ගරි විශ්වවිiාලයේ උප පරිපාලන නිලධාරී, සහකාර උප සභාපති (පර්යේෂණ/ ජාත්‍යන්තර) සහ ඉංජිනේරු විiාව පිළිබඳ මහාචාර්යවරයා ද වේ. ඔහු ශාස්ත්‍රීය ජයග්‍රහණ, පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ජාත්‍යන්තර ජාතික, පළාත් සහ නාගරික සම්මාන ද දිනා ඇත.

 ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහතා විශ්වවිiාල සෞඛ්‍ය ජාලයේ ටොරොන්ටෝ පුනරුත්ථාපන ආයතනයට අනුබද්ධිත සම්මානලාභී ශාරීරික වෛi විiා සහ පුනරුත්ථාපන වෛiවරයකු සහ ටොරොන්ටෝ විශ්වවිiාලයේ සහයක මහාචාර්යවරයකු වේ. එතුමා කොළඹ විශ්වවිiාලයේ වෛi උපාධිධාරියෙකි. කැනඩාවට සංක්‍රමණය වීමට පෙර, ආචාර්ය ගුලසිංහම් මහතා ශ්‍රී ලංකා ජාතික පුනරුත්ථාපන රෝහලේ ප්‍රධාන කායික වෛiවරයා ලෙස සේවය කළේය. ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටු වර්ගීකරණය හිමි ජාතික මට්ටමේ ලෝක – පැරා මළල ක්‍රීඩා සහ ලෝක පැරා – නර්තන ක්‍රීඩා පුහුණුකරුකවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment