අපනයන ආදායම පල්ලම් බහී

99

මෙරට සමස්ත අපනයන ආදායම මෙම වර්ෂයේ (2023) සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 928ක් දක්වා සියයට 11.8කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වර්ෂයේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලයේ දී සමස්ත අපනයන ආදායම ඉකුත් වර්ෂයේ (2022) මෙම කාල සීමාවට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 9910 දක්වා සියයට 10.3කින් පහළ ගොස් ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩයන්හි ආදායම් අඩු වී තිබූ අතර කාර්මික අපනයන ආදායමේ පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. කාර්මික අපනයන ආදායම අඩු වීම සඳහා ඇඟලුම් අපනයන ආදායම අඩු වීම ප්‍රධාන වශයෙන් බලපා තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය යන ප්‍රධාන වෙළෙඳපොළවල් සඳහා සිදුකරනු ලබන ඇඟලුම් අපනයන ආදායම පහළ ගොස් ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සහ කුළුබඩු අපනයන ආදායම පහළ ගොස් තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment