නරියාගේ තිරසාර වගා සැලැස්ම

63
නරියාගේ තිරසාර වගා සැලැස්ම

එක්තරා වනාන්තරයක ටිකක් වලියට බර අලි ගැන්සියක් හිටියාගමේ. වලි අලි ටික යාන්තම් කළුවර වැටීගෙන එන කොට ම අසල ගම්මානයකටම පැනලා එහෙ ඉන්න මිනිස්සුන්නට නිකං අලියා පාට් දානවා, හැමදාම. සිද්ධවෙන මේ අලි කරදරේ ඉවසා දරා ගන්න බැරිම තැන මිනිස්සු ඒක රාශි වෙලා මේ නාස්කුට් අලි ගැන්සියට ආයෙත් අමතක නොවෙන්න ගේමක් දෙන්න සැට් වුණා. වනජීවි එකේ පොරකට සම්තින් එකක් දීලා අලිවෙඩි ලොරි බාගයක් විතර ගෙනවා.

මේ මෝඩඅලි ගැන්සිය ගමට ඇන්ටර් වුණ ගමන් කෝම ද දන්නව ද දුන්නා කන පැලෙන්න අලි වෙඩි වරුසාවක්. මේ කචල්කාර හස්තිරාජයන්ට ආගියාට අමතක වෙන්න අන්තරේ වෙන්න කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ජල ප්‍රහාරවලට අහුවෙලා හිස්ලූලූ අත දුවනවා වගේ මේ ගජයන් රැලක් නන්නත්තාර වෙලා ආගිය අත අමතකව බොහෝම අමාරුවෙන් ආයෙත් වනාන්තරයට ඇවිත් පැත්ත වැටුනාගමේ වෙලාවේ නිව්ස් හොයා ගෙන යන පත්තරකාරයෙක් වගේ ටිකක් ජොහොර් එක තියෙන තරුණ නරියෙක් මෙතැනට ඇන්ටර් වෙලා කරුණු කරාණා විපරම් කරන්නට පටන් ගත්තා.

“හේඉ! ගජමෑන්ස්ලා හරියට ම කියාපල්ලා මොනාද වුණේ කියලා! මෙහෙමනේ නරිනිඳු මුන්ට කලින්ම මැසේජ් එක ලීක්වෙලා අපි එනවා කියලා! දුන්නා කෙලින්ම කොමාන්ඩෝ ඇටැක් එකක් ! වැදුනා වදින එකනං උතුර දකුණ අමතක වෙන්න !” පැත්ත වැටී සිටි ගජයෙක් කෙඳිරි ගාමින් නරියාට උත්තර දුන්නා!

ෂෙශ් ! උතුර පැත්තට ඇදුනා නම් මරුනේ ! එලිෆන්ට් පාස් එකට තල්ලු වෙලා…. ලැබෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන ඉන්න තිබුණා නේ …..

“වැඩකට නැති ගමනක් නේ බන් මේ ගේ ! ගමේ එවුන්ටත් සාගතේ ! වේල් තුනක් කාපු එවුන් දැන් දෙකයි කන්නේ…. දෙකක් කාපු එවුන් එකයි කන්නේ! එකක් කපු එවුන් ….

“බඩගින්නේ ,

“පිස්සුද රෑ, උන් හොරා කනවා…. ආහාර අනාරක්ෂිත තත්ත්වයක් එනවා කියලා මා එවුන් පිස්සු කෙලිනවා බන් ,

“හෙහ් හෙහ් හෙහ් මේ ලෝකේ පටන් ගත්තා ඉඳන් ඕක ඕක ඔහොමමනේ බන් වුණේ,

“හරි ! උඹ නිකං හිතපන් නරිනිඳු ! උඹ පාලකයා නම් මේ වගේ අහාර හේනියකුත් එනවා කියනවා නම් ! මොකද කරන්නේ මොකද්ද මේකට තියෙන තිරසාර විසදුම ! ”

“සිම්පල්නේ බාන් !….. කෙලින්ම රටින්ම කෑම කෑම ගෙන්නීම නවත්තනවා !”

‘හරියන්නෑ හරියන්නෑ…. එතකොට මෙහි ඉන්න වරප්‍රසාද ලත් පැලැන්තියේ උන්ට මොකද වෙන්නේ බඩගින්නේ මැරිලා යයි !…..

‘අහපහන්කෝ තවම කියලා ඉවර නෑනේ ත්‍වගග ගෙන්නනවා ඇතිවෙන්න පොහොර බීජ වල්නාශක කෘමිනාශක වගේ වගා කරන හැම එකාටම නොමිලේ ඇතිවෙන්න පොහොර දෙනවා බීජ දෙනවා දැන් වගා කරපියව් කියලා ඕඩරඑක දෙනවා එහෙම නොකරන එවුන්ට දඩ ගහනවා නඩු දානාවා එතකොට එකෙක් වත් වගාවට පොහොර නෑ බිජ නෑ කියලා උද්ඝෝෂණ පෙලපාලි යන්නේ නෑ!

“එතකොට පටන්ගනිවී මිලක් නෑ…. අස්වැන්න විකුණ ගන්න බෑ කියලා උද්ෂෝෂණ……. පොහොර ටිකක් නිකං දිලා බීජ ටිකක් නිකං දීලා තවත් මොකක්ද උන්ට මිල ගැන කතා කරන්න තියෙන අයිතිය ආණ්ඩුවෙන්ම බඩු ටික සාධාරණ මිලට ගන්නවා……. සාධරණ මිලට විකුණ ගන්නවා ! දැන් බලපන් වී මිල ! ආණ්ඩුව වී ටික මිලට අරගෙන ඕන්නං රුපියල් පහක් විතර තියාගෙන මෝල් කාරයන්ට බඩු ටික දෙනවා මොල් කාරයන්ට කෙලින්ම ගොවියාගෙන් වී මිලට ගන්න තහනම් ගොවියන්ගේ අස්වැන්න ආණ්ඩුව මිලට ගන්න නිසා ඒවා විකුණලා පොහොර ගේන්න ගිය වියදම කවර් කර ගන්නවා ! පොහොරත් නිකං බීජත් නිකං ගොවියන්ට තියෙන්නේ වගා කරන්න බඩු ටික මිලට ගන්න ආණ්ඩුව මිලට ගන්නවා අරවා නෑ මේවා නෑ මිල මදි අරක මදි මේක මදි කියලා උද්ඝෝෂණ නෑ පෙලපාලි නෑ වැඩේ දුවනවා…. ආහාරත් ආරක්ෂිතයි ගොවියත් ආරක්ෂිතයි ජනතාවත් ආරක්ෂිතයි පාලකයාත් ආරක්ෂිතයි !”

එෆ් එම් රේඩියෝවක් වගේ නරිනිඳු දිගටම කියාගෙන ගියා

‘අම්මපා නරිනිඳු රජපොරක්නේ බන් උඹව … උඹව කවුන්සිලයකනේ අරින්න තිබුණේ,

පැත්ත වැටි සිටි ගජයා මදක් කෙලින් කර ගජයා ගජයාට කිව්වා චිකේ ලැජ්ජ හිතෙන කතා කියන්න එපා කියන්න ගජේ …. ‘ගජයාගේ කතාවට ලැජ්ජ හිතුණා ආයෙත් පස්ස නොබලා කෑලැවට රිංගුවා.

ආදර්ශය ඕනෑම දෙයක් සාර්ථකව කර ගෙන යනන්නටම් නරින්ගෙන් සපෝර්ට් එක ගතයතුය.

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment