අරක්කු ඉල්ලගෙන ගිහින් ඛේදවාචයක්-කපලා මරලා ඇළට දාලා

144

දෙහිඕවිට ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට පැමිණ එම නීති විරෝධී මත්පැන් ඉල්ලා සිටි පුද්ගලයකු හා නිවෙස් හිමියා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එම මත්පැන් ඉල්ලා සිටි පුද්ගලයා නිවෙස් හිමියාට පහර දීමට උත්සාහ ගත් අවස්ථාවේ ඒ අසල සිටි අයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නිවස අසල ඇති ඇළකට ඇද දමා තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ දෙහිඕවිට, කනන්ගම පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ඝාතනය සඳහා යොදාගත් පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment