අදත් පොලිස් වෙඩි තැබීමක්

389

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරුවෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.තවත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ.එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.සැකකරු 26 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment