2010 සිද්ධියේ තීන්දුව ලැබෙයි- උදුල් ඇතුළු සරසවි සිසුහු 22ක් නිදොස් කොට නිදහස්

193

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා ඇතුළු හිටපු විශ්විද්‍යාල සිසුන් විසිදෙදෙනෙකු ඔවුනට එරෙහිව පරවා තිබුණු නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

2010 වසරේ ඔක්තෝබර් 14 දා කොළඹ දී පැවැති විරෝධතා ව්‍යාපාරයේ දී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහරදීම හා පොදු දේපළවලට හානි කිරීම ඇතුළු අධි චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

ඒ ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment