ඉන්ධන තොග ගැන තොරතුරු

200

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක්පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවය.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment