පකිස්ථාන ඩ්‍රෝන යානාවකින් හෙරොයින් පාර්සලයක් බිමට හෙළයි

1646

පන්ජාබ් හි ටාර්න් ටොන් දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්දු පකිස්තානු ජාත්‍යන්තර දේශ සීමාවේ දී පකිස්ථානය ඩ්‍රෝන යානයක් මගින් බිමට හෙලූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2.35 ක් පාර්සලයක් දේශ සීමා ආරක්ෂක බලකාය විසින් සොයාගෙන ඇත.ඉකුත් 17 සහ 18 යන දින මධ්‍යම රාත්‍රියේ දී මෙම හෙරොයින් පාර්සලය බිමට හෙලා තිබේ. පසු දින උදෑසන ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරත ආරක්ෂක සෙබලුන් විසින් සැක සහිත පාර්සලයක් දැක එය රැගෙන මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයට භාරදී ඇත. එහිදී එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී හෙරොයින් බව හදුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment