කුඩු රොෂාන්ගේ ලක්ෂ 550ක් රජයට ගනී

620

වරකාපොලදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු රොෂාන්ට අයත් රුපියල් ලක්‍ෂ 550කට අධික දේපොළ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇත.

වරකාපොලදී අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් ඇතුළු 15 දෙනකු රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර එම සැකකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ ද රජයට පවරා ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

කුඩු රොෂාන්ට අයත් ජාඇල පිහිටි රුපියල් ලක්‍ෂ 240ක් වටිනා නවීන පන්නයේ නිවසක්, ජාඇල පිහිටි තවත් නිවසක් සහ ඉඩම, සීඑච්ආර් වර්ගයේ මෝටර් රථයක් මෙසේ පවරාගත් දේපොළ අතර තිබෙන බව පොලිසිය පවසයි.

කුඩු රොෂාන්ගේ ලක්ෂ 550ක් රජයට ගනී
කුඩු රොෂාන්ගේ ලක්ෂ 550ක් රජයට ගනී

යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමත් සමගම කුඩු රොෂාන් ඇතුළු ජාවාරම්කරුවන් පිරිසක් සිය පවුල්වල සාමාජිකයන් ද සමග නුවරඑළියට පැනගොස් සතියක කාලයක් එහි ගතකර ඇත.

යුක්තිය මෙහෙයුම අවසන් වූ බව සිතූ කුඩු රොෂාන් ඇතුළු පිරිස කොළඹ බලා එමින් සිටියදී වරකාපොල හෝටලයකදී පොලිසියට කොටුවී තිබුණේ පෙරේදා (27දා)ය.

හේමන්ත රන්දුණු, වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment