කොමර්ෂල් බැංකුව කළුතර වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීමට, ‘ලයිෆ් ටු අවර් බීචස්’ සමග සම්බන්ධ වෙයි

27

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ ‘බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා’ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු මහතා අතර ගිවිසුම් හුවමාරු කරගත් ආකාරය සේයාරුවෙන් දැක්වෙයි.

කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක කොටසක් ශුද්ධ-පවිත්‍ර කිරීම සහ නඩත්තු කිරීම උදෙසාද අරමුදල් සපයනු ඇත. කළුතර දකුණ දුම්රිය ස්ථානය ඉදිරියෙහි මෙම ‘බීච් පාර්ක්’ ප්‍රදේශය පිහිටා ඇත. ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහන සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය සහ තවත් සහයෝගී ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන සාමුහික ප්‍රයත්නයකි. එකතුවුන අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම මගින්, මෙම වැඩසටහන ජෛව විවිධත්වය සහ පරිසර සංරක්‍ෂණයේ ජාතික අරමුණු සඳහා දායක වෙයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් තෝරාගත් භාරකාර පවුලකට පැවරෙනු ඇත. එම වෙරළ භාරකාර පවුලට මාසික ගෙවීම්, උපකරණ සහ අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යවල පිරිවැය, වෙරළ නඩත්තු කළමනාකරණය සහ අධීක්ෂණයද කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් ආවරණය කෙරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment