පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා ලෙස, මෙරට පෞද්ගලික පරිගණක වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය තහවුරු කිරීමට සමත් වී ඇති සිංගර් ශ්‍රී ලංකා සමාගම, ලොව කීර්තිමත් සන්නාමයක් වන ACER සන්නාමයේ මෙරට බලය ලත් අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින DELL, ASUS,MSI සහ Huawei ලැප්ටොප් සන්නාමයන් අතරට ACER සන්නාමය ද එක් වීම එම සමාගමේ වෙළෙඳපොළ ශක්තිය තවත් වර්ධනය කිරීමට හේතු වේ.

ගෘහාශ්‍රිත නිෂ්පාදන ගෙන්වා බෙදාහරින සමාගමක් ලෙස දේශීය වෙළඳපොළ තුළ පෙරමුණ ගනිමින් සිය පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා විශ්වසනීය තාක්ෂණික විසඳුම් ලබා දීමට කැප වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, ACER ලැප්ටොප් හඳුන්වා දීම මගින් විවිධත්වයෙන් යුත් පුළුල් පාරිභෝගික අවශ්‍යතා පරාසයක් ආවරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment