2022 වසර සඳහා HNB ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට තේරී පත් වෙයි

57

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත්‍ර කර ඇත.

ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි- මෙම ශ්‍රේණිගත කිරීම තම පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් ඇති කරන සහ ආයතනික විශිෂ්ටත්වය සඳහා මිණුම් සලකුණක් තබන ශ්‍රී ලාංකික සමාගම් ඇගයීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහභාගී වූ අතර, එහි ප්‍රධාන දේශනය ශ්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro මහතා විසින් පවත්වන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “ඉතා අසීරු දේශීය හා ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, HNB ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගමක් ලෙස පිළිගැනීමට ලක්වීම අපගේ කණ්ඩායමේ ශක්තිමත් වටිනාකම් සහ නොසැලෙන කැපවීම ඉස්මතු කරනවා. ඒවගේම අප විසින් අඛණ්ඩව පවත්වාගෙන යන මෙහෙයුම් විශිෂ්ටත්වය සහ යහපාලනයේ පදනම කොතරම් ශක්තිමත් ද යන්න පෙන්නුම් කරනවා-
HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking ඨරදමච දමිත් පල්ලේවත්ත (දකුණේ සිට තෙවැන්නා) සහ HNB සහකාර සාමාන්‍යාධිකාරී – Strategy ප්‍රියංකා විජේරත්න (වමේ සිට තෙවැන්නා) ජනාධිපති ලේකම් සමන් ඒකනායක (මැද) මහතා අතින් සම්මානය ලබා ගනිමින්

advertistmentadvertistment
advertistmentadvertistment