HNB හි කාඩ්පත් හිමියන්ට උත්සව සමයේදී විශේෂ වට්ටම් සහ දීමනා

79
කාඩ්පත් අංශයේ ප්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය

මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත. HNB ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, විලාසිතා අලෙවිසැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2023 මාර්තු 15 සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් තම කාඩ්පත් හිමියන්ට පිරිනමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඩ්පත් අංශයේ ප්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ “එළැඹෙන මාසය සංස්කෘතීන් කිහිපයකට මෙන්ම සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතා වැදගත් මාසයක්. එහිදී මුළු රටම පාහේ අවුරුදු සමරනු ලබනවා- එහිදී HNB අපට අවශ්‍ය වන්නේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය වන බඩු භාණ්ඩවල සිට ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම්, නිවාඩු ගත කිරීමට සහ තවත් බොහෝ දේවල් සඳහා අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකාරභවතුන්ට උපරිම වටිනාකමක් ලබා දීමට අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා .

advertistmentadvertistment
advertistmentadvertistment