මෙරට සිසු දරුවන්ගේ නැණස ආලෝකමත් කිරීමට දායක වූ මන්චි ටිකිරි ශිෂ්‍යාධාර අධ්‍යාපනික සත්කාර වැඩසටහන 25 වසරක් සපුරයි

77
CBL සමාගම් සමූහයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා (මැද) ශිෂ්‍යාධාරලාභියෙකුට මන්චි ටිකිරි ශිෂ්‍යාධාර පිරිනැමූ අවස්තාව. අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි නලින්. බී. කරුණාරත්න සහ සමූහ අධ්‍යක්ෂක ජයම්පති බණ්ඩාරනායක යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

මන්චි දේශීය සන්නාමයක් ලෙස විවිධ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් හරහා ශ්‍රී ලාංකේය පාසැල් දුවා දරුවනට මෙන්ම මෙරට අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසාද ලබාදී ඇති දායකත්වය අපමණය. මෙයට දශක හයකට පමණ පෙර මෙරට පාසැල් දරුවන් සඳහා දිවා ආහාරය ලෙස පෝෂ්‍යදායී ඇදිහැස බිස්කට් නිෂ්පාදනයට දායකත්වය සැපයීම එහි මූලාරම්භය සනිටුහන් කරයි.

මන්චි අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක අධ්‍යාපනයට අත්වැල් සපයන සමාජ සත්කාරක වැඩසටහන් අතර මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහනට ප්‍රමුඛස්ථානය හිමිවෙයි. ඉගෙනීමට දක්ෂ එහෙත් ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපනය කරගෙන යෑමට කිසියම් උපකාරයක් අවැසි මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ යහපත උදෙසා මෙයට වසර 25 කට පෙර මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන ආරම්භ කෙරිණ.

ඒ සඳහා වසර 25 ක කාලය තුල මෙම වැඩසටහන තුළින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන පනහකට වැඩි මුදලක් මන්චි අනුග්‍රාහකත්වය යටතේ ලබාදී තිබේ. සිසු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ලබා දෙන කවර අන්දමේ දායකත්වයක් වුවද එය අනාගතය උදෙසා කරනු ලබන ආයෝජනයක් මෙන් ම තිරසාරත්වය සහතික කෙරෙන පදනමක් වීම මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කිරීමට මූලික හේතුවක් විය. මේ වැඩසටහන යටතේ මන්චි ටිකිරි ශිෂ්‍යාධාර ලබා ජීවිතය ආලෝක කරගත් තුන්දහසකට වැඩි පිරිසක් දැනට දිවයින පුරා විසිරී සිටිති. එම ශිෂ්‍යාධාරලාභීන් ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම ජන වර්ගයක්ම නියෝජනය කිරීම විශේෂයෙන් කැපී පෙනෙයි.

මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහනේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ශිෂ්‍යාධාර වැඩසටහනක් ඉකුත්දා පන්නිපිටිය CBL ආයතනයේදී සංවිධානය කර තිබිණ. එහිදී ශ්‍රී ලංකාවේ සිව් දෙසින්ම තෝරාගත් පාසැල් දරු දැරියන් 50 දෙනෙකුට ශිෂ්‍යාධාර පිරිනැමීම සිදුවිය. මෙහිදී වසරක ශිෂ්‍යාධාර, පොත්පත්, පාසැල් උපකරණ, පාසැල් බෑග් සහ තෑගී පාර්සල් ඇතුළු ත්‍යාග රාශියක් ද ශිෂ්‍යාධාරලාභීන්ට ලබා දීම මන්චි අනුග්‍රහය යටතේ සිදු කෙරින. මේ සඳහා මන්චි වෙතින් ලබා දුන් අනුග්‍රාහකත්වයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික වේ.

මේ අවස්ථාවට CBL සමූහයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment