හොර ඔක්සිමීටර් අල්ලන ‘සූත්තරයක්’

577

හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඔක්සිමීටරය වෙත අතේ ඇඟිල්ල හැර පෑනක් වැනි උපකරණයක් ඇතුළු කළ විට ක‍්‍රියා කරයි නම් එය ව්‍යාජ ඔක්සිමීටරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එවැනි ඔක්සිමීටර මිලදී නොගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

එසේම ඔක්සිමීටරය වෙත නියපොතු පාට කර ඇති හෝ තෙත් බවින් යුත් ඇඟිල්ලක් යොමු කළ විට ද ඉන් නිවැරදි හෘද ස්පන්දන වේගය පෙන්නුම් නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වන විට වෙළෙඳ පොළේ රුපියල් 2500 සිට රුපියල් 8000 පමණ දක්වා මිල පරාසයක ඔක්සිමීටර අලෙවි වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment